
තුර්කියේදී ඇතිවූ භූ කම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක්ද මියගොස් ඇත.
ඇය ශ්‍රී ලංකාවේ ගලගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර මීට වසර 20කට පෙර තුර්කියට ගොස් ඇත. 69 හැවිරිදි ඇයගේ සිරුර දියණිය විසින් හඳුනාගෙන තිබේ.
මේ වන විට ඉන් මිය ගිය ගණන 28,000 ඉක්මවා ඇත.කෙසේ වෙතත් මිය ගිය ගණන පනස් දහසක් පමණ වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.