prasanna-ranatunga-travel-voice

එලඹෙන මාර්තු 9 වෙනිදා පැවත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීහු පිරිසක් ඉකුත් සතියේ තලවතුගොඩ ප්‍රදේශයේ කැන්වසින් යන අතරතුර ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ගේ නිවසටද ගොඩ විය. ඔවුන් පැමිණි විට ආරක්ෂකයන් පැමිණ මේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ගේ නිවස බව ප්‍රකාශ කල විට පිරිස හැරී යන්නට සුදානම් වෙද්දී සද්දය ඇසී පැමිණි ප්‍රසන්න ඇමැතිවරයා ආරක්ෂකයන්ට පැවසුවේ ඔවුනට නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරන ලෙසයි.

කැන්වසින් පැමිණි පිරිස  කීවේ මේ ඔබතුමාගේ ගෙදර කියලා අපි දන්නේ නෑ කියාය.

ඒකට කමක් නෑ කියමින් පැමිණි පිරිස සමග කතාබහ ආරම්භ කල අමාත්‍යවරයා පැමිණි පිරිසට සිසිල් බීම සංග්‍රහයක් ද ලබා දෙමින් පැවසුවේ ගෙවල් ගිනි තියන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කිරීම හොඳ බවයි.

About The Author

Leave a Reply