japan-sri-lanka-flags

ලාංකීය තරුණ තරුණියන්ට නොමිලේ ජපන් භාෂාව සහ ජපන් සංස්කෘතික අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙන් මත්සුරි (Mathsuri) ජපන් භාෂා කේන්ද්‍රය අවිස්සාවේල්ල සීතාවක දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජපාන තානාපති මිෂූකෝෂී හිඩෙකී (Mizukoshi Hideaki) විසින් විවෘත කරනු ලැබුවා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකික තරුණ තරුණියන්ගේ ජපන් භාෂා දැනුම ශක්තිමත් වීමද හේතුවනු ඇතැයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කරමින් කියා සිටි අතර මෙම පුහුණු කේන්ද්‍රය සිතාවක ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජපන් තානාපතිවරයාටත්, ආයතනය පිහිටුවීමට භාවිතයට නොගත් ගොඩනැගිල්ලක් ලබාදීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යවරයාටත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පළ කළා.අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේ මෙම මධ්‍යස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු බවයි .

මෙම අවස්ථාවට සහභාගී වූ තානාපති මිෂූකෝෂී හිඩෙකී (Mizukoshi Hideaki) කියා සිටියේ ජපන් භාෂාව ඉගෙනීමට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර දැඩි උනන්දුවක් දැකීමට ඇති බවයි.විදේශයන්හි ක්‍රියාත්මක වන බොහෝ ජපන් සමාගම් සහ ජපානයේ සමාගම් ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයින් බඳවා ගන්නා බවත්, එම රැකියා සඳහා ජපන් භාෂා දැනුම පූර්ව අවශ්‍යතාවයක් බවත් ඔහු පැවසුවා.

භාවිතයට නොගත් රජයේ ගොඩනැගිලි ඵලදායී අරමුණු සඳහා යොදා ගැනීම සඳහා රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙම ගොඩනැගිල්ල මධ්‍යස්ථානයට ලබා දී තිබෙනවා.

About The Author

Leave a Reply