Sri-Lanka-Women-vs-Bangladesh-Women-in-the-ICC-Womens-T20-World-Cup-2023-scaled

2023 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් බංග්ලාදේශය පරදවා කඩුලු 7ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ජයග්‍රහණය උදෙසා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18.2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 25කට දැවී ගියත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා පන්දු 79ක් තුල ලකුණු 104ක සම්බන්ධතාවයක් ගොඩ නගිමින් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයක් කරා රැගෙන ගියා.

මෙම ජයත් සමග ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු කණ්ඩායමේ පෙරමුණ ගත්තේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමිනි.

About The Author

Leave a Reply