us-air-force-usaf-aircraft

ඇමරිකානු ගුවන් හමුදා විශේෂ යානා දෙකකින් ඊයේ පස්වරුවේ ඇමරිකාවේ ඉහළම පෙලේ රාජ තාන්ත්‍රිකයෙකු ඇතුළු විසි දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

ඔවුන්ගේ පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපල හා ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබුණු අතර මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා පැමිණි කාලසීමාව තුළ එම අධිවේගී මාර්ගය වසා දැමීමට ද පියවර ගෙන තිබිණි.

මෙම කණ්ඩායම අද මෙරටින් ආපසු යාමට ද නියමිතය.

About The Author

Leave a Reply