_105112739_harin

සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරු කීපදෙනෙකුත් අරගෙන එක්සත් ජාතික පක්ෂයේ  පුමුඛත්වයෙන්  නව සන්ධානයක් සතියක් දෙකක් යන්න කලින් පිහිටුවන බව ඉඩම් හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී එළඹෙන පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්වන බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්ගේ හමුවක දී ප්‍රකාශ කරා.

එම හමුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල රිවර් සයිඩ් හෝටලයේදී පැවැති අතර එහිදී  හරින් ප්‍රනාන්දු මහතා මෙසේද සඳහන් කළා.

“රනිල් වික්‍රමසිංහ මහතාටයි මටයි  සමගි ජන බලවේගය කඩන්න කවදාවත් කිසිම උත්සාහයක් තිබුනේ නැහැ. මටත් සජබ  තවත් කීපදෙනෙක් අරන් එන්න තිබුණා. නමුත් ජනාධිපතිතුමා එහෙම කරන්න එපා කිව්වා. හැබැයි පසුගියදා එතුමා හික්කඩුවෙදි හම්බවෙලා කිව්වා දැන් ඇති, එන්න ඉන්න කට්ටියගමු කියලා.”

About The Author

Leave a Reply