සමගි ජන බලවේගයේ ජනහමුවක් අමතමින් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරේ තමන් සමගි ජනබලවේගයේ දේශපාලන වේදිකාවට ගොඩ වූ හේතුවෙන් කුපිත වූ පිරිසක් තමන්ට තර්ජනය කරන බවයි .
තමන්ගේ නිවස ගිනි තබන බවත්, තමන්ගේ රෙදි ගලවන බවටත්, මරා දමන බවටත් තර්ජනය එල්ල වන බවද ඇය පැවසුවාය.
ගෝඨාභය රාජපක්ෂ මහතා පන්නා දමන අරගලයට තමන් එක්වූයේ තනිවම බවද පැවසූ ඇය තමන්ට ස්වාධීනව අරගලයේ අරමුණු ඉටුකරනු ඇතැයි සිතන දේශපාලන වේදිකාවට ගොඩ වෙන්නට අයිතිය ඇතැයි ද කියා සිටිය අතර තමන් සිතන පරිදි එය සමගි ජන බලවේගය හරහා ඉටු කර ගත හැකි නිසා තමන් එම වේදිකාව තෝරා ගත් බවද ඇය වැඩි දුරටත් පැවසුවාය.