ac8e7c32-e5d69e96-football-2_850x460_acf_cropped

පාපන්දු අර්බුදය උග්‍ර කරමින් ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාවෙන් සිව්දෙනෙකු ඉල්ලා අස් වී ඇත.

ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ලේකම් ඉන්දික තේනුවර මහතා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය එහි සභාපති ශ්‍රී රංගා මහතාට යොමු කර තිබිණ.

පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරුන් වන සී.දීපිකා කුමාරි හා සමන් දිල්හාන් නාගහවත්ත යන මහත්ම මහත්මීන්ද සිය ඉල්ලා අස්වීමේ ලිපි බාරදී ඇත.මීට අමතරව පාපන්දු සම්මේලනයේ භාණ්ඩාගාරික ටී.සුදාකර් මහතාද සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට යොමු කර ඇත.

පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ සාමාජිකයින් ගණන 11ක් වුවත් ජනවාරි 14 නිලවරණයෙන් පත්වූයේ 8 දෙනෙකු පමණි.

ඝණපූරණය අවම ලෙස පවත්වාගෙන යෑමට විධායක සභිකයින් 6 දෙනෙකු අවශ්‍ය වන අතර සාමාජිකයින් 4 දෙනෙකු ඉල්ලා අස්වීම නිසා දැන් ඉතිරිව ඇත්තේ තවත් සිව්දෙනෙකු පමණි.

මෙසේ විධායක සභාවේ සාමාජිකයින් ඉල්ලා අස්වීම නිසා ඝණපූර්ණය බිඳවැටීම හේතුවෙන් මෙසේ පාපන්දු සම්මේලනයේ කටයුතු පවත්වාගැනීමට නොහැකිවී තිබේ.

පසුගිය ජනවාරි 21 වනදා සිට ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට 
ජාත්‍යාන්තර තරග තහනමක් ද පනවා තිබේ.

About The Author

Leave a Reply