දිවයිනේ ප්රධාන තිරිගු පිටි සමාගමක් වන ප්රිමා සමාගම තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කළ බව එම සමාගම විසින් දිවයිනේ සියළුම ප්රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.
ඩොලරයේ මිල අඩුවිමත් සමග ප්රිමා සමාගම විසින් අලෙවි කරනු ලබන සෑම තිරිගු පිටි කිලෝවකම මිල මේ අනුව රුපියල් 15 කින් අඩු කිරිමට පියවර ගත් බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේ.
තිරිගු පිටි මිල ඉහල යාම හේතුවෙන් පාරිභෝගිකයන් තිරිගු පිටි සදහා ඇති ඉල්ලුම අඩු වු බවත්, වතු ජනතාව තිරිගු පිටි ආශ්රිත ආහාර පාරිභෝජනයෙන් ඉවත් වි ඇති බවයි එම අලෙවි නියෝජිතයන් කියා සිටියේ.