දකුණු පළාතේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සදහා සංචාරක අමාත්‍යාංශය,සංචාරක සංවර්ධන අධිකාරිය සහ දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යංශය එක්ව හික්කඩුව සිට උණවටුන දක්වා තිබෙන සංචාරක හෝටල්වල හිමිකාරීත්වය දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන අද 2023/03/08 උදෑසන දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ආරාධනා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි ..
මේ ජාත්‍යන්තර වැඩමුළුව United Nations Development Programme (UNDP) සංවිධානයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක කරන ලද්දකි..
මේ අවස්ථාවට දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යංශයේ ගරු සභාපති චන්න සාලිය මෙන්ඩිස් මැතිතුමා ,දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ක්‍රිශාන්ත මහේන්ද්‍ර මැතිතුමා ,ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පාලිත රත්නායක මැතිතුමා ,රුහුණු සංචාරක කාර්යංශයේ කළමනාකරණ අධ්‍යක්ෂක වැඩ බලන හේමන් ධර්මප්‍රිය මැතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක සේවා සපයන හෝටල් හා ආයතනවල හිමිකාරීත්වය සහ සේවා ලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියේය .