
අද සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ QR කෝටාව යාවත්කාලීන කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
මීට පෙර සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්රියේදී QR කෝටාව යාවත්කාලීන කිරීම සිදුවුවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ ඉන්ධන බෙදාහැරීමේ පිරිවැය අවම කරගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
මේ අතර අදාළ ට්විටර් පණිවුඩයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ QR කෝටාව හරහා සතිකට ලැබෙන ඉන්ධන ප්‍රමාණයේ වෙනසක් සිදුනොවන බවය.
Q