
සිංහල දෙමළ අලුත් අවුරුද්ද අප්‍රේල් 14 දින උදාවිය. අලුත් අවුරුදු නැකැත් වේලාවන්ට රට පුරා චාරිත්‍ර ඉටු කල අතර සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රටපුරා විවිධ අවුරුදු සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.
සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා වර්තමානයට අනුව නවීකරණය කරමින් ඉදිරිපත් කරන ලද ක්‍රීඩාවන් කීපයක් ම දක්නට ලැබීම විශේෂත්වයක් වූ අතර එම අවුරුදු ක්‍රීඩා හෙල සංස්කෘතියට නොගෙලෙපෙන ඒවා වීම නම් දුකක් ගෙන දෙන කාරණයක් විය.