WhatsApp Image 2023-05-19 at 12.09.35

වැඩි ගුණාත්මයෙන් හා වැඩි රසයෙන් යුක්ත කෝපි සකස්කරගන්න නම් හොදින් ඉදුණු, රෝග පළිබෝධ හානි නොමැති කෝපි ගෙඩි විතරක් නෙලා ගන්න එක පලමුවෙන්ම කරන්න ඕනේ…

බාගෙට ඉදුණු හා අමු ගෙඩි වලින් සකස් කරගන්නා කෝපි වල ගුණාත්මක බව අඩු නිසා ඒවා වෙනමම සකස්කිරීම යෝග්‍ය වෙනවා…

එම නිසා වාර කීපයකදී කෝපි නෙලීමනම් කලයුතු වෙනවා…

 

කෝපි සැකසීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා..

• වියළි ක්‍රමය
• තෙත් ක්‍රමය

මේ ක්‍රම දෙක ගැනම වෙන වෙනම සඳන් කරන්නම්..

 

වියළි ක්‍රමය

හොදින් ඉදුණු කෝපි ගෙඩි නෙලාගෙන එම කෝපි ගෙඩි ජල භාජනයක දාලා නොමේරූ හා කෝපි ගෙඩි ගුල්ලාගේ හානියට ලක්වූ ගෙඩි පාවෙන්නට හැර ඉවත්කර ගතයුතු වෙනවා…

ඊට පස්සේ ජලයේ ගිලුණු ඉදුණු බීජ පමණක් පිරිසිදුව කලවම් කරමින් සූර්යාලෝකයෙන්, වියළා ගන්න ඕනේ…

හොද මට්ටමට වියළුණු පසුව වියළි ගෙඩිය තුල ඇති කෝපි බීජය පොත්තෙන් වෙන්වී “සට සට” ශබ්ධයක් ඇහෙනවා…

මේ ආකාරයට වියළා ගත්ත කෝපි බීජ වල පිට පොත්ත හා බීජ වසා ඇති තුනී සිවිය ඉවත් කිරීමට වංගෙඩියක දමා කොටා ගන්න පුලුවන්…
එහෙම නැත්තන් මේ සදහා කෝපි හලරය (Coffee Huller) යනුවෙන් හදුන්වන යන්ත්‍රය භාවිතා කරනවා…

* වියළුණු පිට පොත්ත සහිත කෝපි “චෙරි කෝපි” (Cherry Coffee ) ලෙසද

* පිට පොත්ත පමණක් ඉවත්කල කෝපි “පාච්මන්ට් කෝපි” (Parchment Coffee ) ලෙසද

* පිට පොත්ත හා බීජ වසා ඇති තුනී සිවිය ද ඉවත්කල කෝපි “පිරිසිදු කෝපි” (Clean Coffee ) ලෙසද හදුන්වනු ලබනවා…..

 

තෙත් ක්‍රමය

තෙත් ක්‍රමය මගින් වියළි ක්‍රමයට වඩා ගුණාත්මයෙන් වැඩි කෝපි සකසා ගතහැකියි..

වියළි ක්‍රමයට “චෙරි කෝපි” නිෂ්පාදනයේදී කෝපි පොත්ත හා නානුමය ආවරණය කෝපි බීජය සමග සැලකියයුතු කාලයක් සම්බන්ධවී තිබීම නිසා පොත්තේ තියන අමු රසය කෝපි බීජයට උරා ගැනීම හේතුවෙන් කෝපි වල ගුණාත්මය අඩුවෙනවා…
(ඇරබිකා කෝපි මෙහිදී විශේෂයි)

තෙත් ක්‍රමයේදීද හොදින් ඉදුණු කෝපි පමණක් නෙලා ගැනීම වැදගත් වෙනවා…

බාගෙට හෝ පමණට වඩා ඉදුණු, පළිබෝධ හානිවලට ලක්වූ කෝපි ගෙඩි වලින් නිපදවන කෝපි වල ගුණාත්මක බව අඩුවෙනවා…

හොදින් ඉදුණු ගෙඩි ඇගිලි වලින් මදක් තෙරපූ විට බීජ එලියට ගතහැකිවෙනවා…

මෙහිදී පලමු පියවර විදිහට රතු පැහැති පිට පොත්ත හා බීජ වටා ඇති නාණුමය ආවරණය ඉවත්කල යුතු වෙනවා…

නිවසේදී පහසු ක්‍රමයක් උපයෝගීකර ගැනීමේ හැකියාව තියෙන අතර මේ සදහා “පල්පරය හෙවත් පොතු ගලවන උපකරණය” භාවිතා කරනු ලබනවා…

මේ ආකාරයට පොතු ඉවත්කල කෝපි බීජ ගොඩ ගසා පොලිතීන් වලින් හෝ පැදුරකින් හොදින් ආවරණය කර පැසවීම සදහා තැබිය යුතු වෙනවා…

ප්‍රදේශය වගේම උෂ්ණත්වය අනුව මෙම පැසවීමේ කාලසීමාව පැය 24 – 48 දක්වා වෙනස් වන්නට පුලුවන්…

ඊට පසුව බීජ වටා ඇති නානුමය ආවරණය ඉවත් කරගැනීමට බීජ එකිනෙක ඇතිල්ලීම කල යුතුයි…

අනතුරුව වාර කීපයක් හොදින් පිරිසිදු ජලයෙන් සේදිය යුතුයි…

බීජ අහුරක් අතට ගෙන හොදින් මිටි මොලවා තද කර අත්ල අනිත් පිට හරවා බැලූ විට බීජ අත්ලෙහි නොඇලේනම් බීජ හොදින් සේදී ඇති බව දැනගත හැකියි…

මෙලෙස සෝදා ගත් බීජ පිරිසිදුව වියලා ගැනීම කලයුතු වෙනවා…

හොදින් වියලා ගත් කෝපි “පාච්මන්ට් කෝපි (Parchment Coffee ) ” ලෙස හදුන්වනවා…

මෙම පාච්මන්ට් කෝපි වල බිජා වරණය ඉවත් කිරීමෙන් “පිරිසිදු කෝපි (Clean Coffee) ලබාගත හැකියි…

මේ තමයි කෝපි අස්වනු සකසන නිවැරදි ක්‍රම දෙක…

තමන්ගේ ගෙවත්තෙන් නෙලාගන්න කෝපි ටික මේ විදිහට සකසගන වැඩි රසයක්, ගුණාත්මයක් අත්විදින්න ඔයාලට හැකිවේවි…

මම සඳහන් කරපු උපකරණ නැති උනාට කමක් නෑ…
ඊට ගැලපෙන ක්‍රමවේදයක් ඔයාලට අනුගමනය කරන්න පුලුවන්….

 

එච්. ඒ. එල්. සමිත්‍රී,
ව්‍යාප්ති නිලධාරි (1920 කෘෂි උපදේශන සේවාව),
අපනයනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

About The Author

Leave a Reply