FB_IMG_1685803730550

හැඳුනුම්පත නැතිවෙලා මාස හයක් ඉක්ම උණාට පස්සෙ හැඳුනුම්පතේ අවශ්‍යතාවය තදින්ම දැණුනු නිසා ඔන්න එක්දින සේවෙට දින දා ගත්තා. දිනේ දාගන්න වැඩේට අපේ ග්‍රාම සේවක මිසුයි ඒජි ඔෆීස් එකේ හැදුනුම්පත් අංශෙ මිසුයි මාරම හොද සර්විස් එකක් දුන්නා. හරිම සුහදශීලීව.❤️  දිනේ ඉතිං ජුනි 2  දෙවෙනිදා ගිහින් වැඩේ එක දවසින් කර ගන්න බැරි වෙයි කියන හේතුව නිසාම ඔන්න පලවෙනිදා ගිහින් ඩොකියුමන්ට් භාර දීලා දෙවෙනිදා හැඳුනුම්පත ගන්න තීරණය කලා.  ඔන්න ඉතිං පලවෙනිදා පාන්දර පුලතිසියට නග්ගදිදී. ” දාහක් හමාරක් දීලා හරි වැඩේ කරගෙන ඉක්මන්ට එන්න ” කියලා හබී තුමත් කිව්වා.   ” රජයේ නිලදාරීන්ට පගාව දෙන එකයි වැරැද්ද ” මගෙ කට එහෙම කිව්වත් දරු පැටියත් තියලා යන නිසා ඉක්මනින් එන්න පගාව දීලා හරි වැඩේ කරගන්න ඕනෙ කියලා මගෙ යටි හිතත් කිව්වා.  මං කොළඹ එනවා කිව්ව වෙලේ ඉදන් සතුටින් පිනා යන මව් තුමියත් සැරෙන් සැරේ කෝල් කරනකොට මං කිව්වෙ ඉක්මනින් එන්න බැරිවෙයි. රෑ අටවත් වෙයි ගම්පහට එනකොට කියලා.  අව්වෙ වැස්සෙ පෝළිමේ හිටගෙන ඉන්න වෙයි කියලා කුඩයකුත් පුංචිගෙන් ඉල්ලා ගත්තා .වතුර බෝතල් දෙකකුත්, නූල්ඩස් එකකුත් පාන්දර හදා ගත්තා බඩගින්නෙ ඉන්න වෙයි කියලා.  කොහොම හරි මං එතනට යද්දී වෙලාව උදේ 9.10 කාලා වරෙන්කෝ.. මගෙ අංකෙ 447 අද නම් ගෙදර යන්න වෙන්නෙ නෑ. හිත කිව්වෙ එහෙම.  යනකොටම බෑග් එහෙම චෙක් කරලා ෆයිල් එකකුත් දීලා 9 d බ්ලොක් එකට යන්න කීවා. දැන් නැගපන්කෝ තට්ටු නමයක්..  අප්පට සිරි පඩිපෙලක් හොයා ගන්න නම් නෑ. ලිෆ්ට් විතරයි.  මගෙ අප්පෝ.. එතන සෙනග.  ” ම්ස් වාඩි වෙන්න .. අංකෙ කතා කරනවා. ” ඉදගනිංකෝ ඉතිං. ඉඩත් නෑ. පන්සීයක් විතර ඉදගෙන. වාඩි වෙන්න කිව්ව ග්‍රාමාරක්ශක මහත්තයාම තැනකුත් හොයලා මාව වාඩි කලා. ලග ඉන්න කෙනාට රබර් ඇහැ දාලා බැලුවාම ඒ ( ලස්සන ) කොල්ලගෙ අංකෙ 286. හොදයිනේ  දැන් ඉදපංකෝ..  ඉඳගෙන ඉන්නකල් කම්මැලිත් නෑ. ලොකු ස්ක්‍රීන් වල ඔක්කොම ගයිඩ් ලයින් යනවා. පෝලිම් හැඩල් කරන ග්‍රාමාරක්ශක මහත්තයා හරි කාරුණිකව වැඩේ කරනවා. කාටවත් ලොකු පොඩි සැලකිලි නෑ. ආබාදිත අය උනත් අංකෙට අනුව පෝලිමට ගන්නෙ. හැබැයි ඒ අයට පෝලිමේ ඉස්සරහට යන්න දෙනවා. මොකද පෝලිමේ උපරිම පහයි තියන්නෙ.   ඒත් විනාඩි පහක් විතට යද්දී වැඩේ තේරුණා. පස් දෙනා ගානෙ පෝලිම් වලට කතා කරනවා. කවුන්ටර් 11 ක වැඩ. පැයක් යන්න කලින් මගෙ වාරෙත් ආවා.  ඩොකියුමන්ට් චෙක් කරලා , නම ගම අහලා, මාස්ක් එක ගලවන්න කියලා මූණ බලලා සල්ලි බැදලා ” මිස් 9 ඒ බ්ලොක් එකට යන්න කිව්වා.  එතනට ගියාම එතනත් අර තරංම සෙනග. ඒත් ඉක්මනින්ම නම කතා කරනවා. හැදුනුම්පත දෙන්න.  අඩු පාඩු තියෙන අයගෙ ඒවා නම් කතා කරලා එතනදීම හදලා දෙනවා. පොටෝ අපැහැදිලි නම් එතනම පොටෝ ගහනවා.  ඔන්න ඉතිං නමය හමාරට ගියපු මගේ 12.10 වෙද්දි හැදුනුම්පත අතේ. ???? හැදුනුම්පත රෙඩි කියලා පෝන් එකට මැසේජ් එකකුත් එනවා.   අරං ගියපු නූල්ඩස් එක ගෙදර ඇවිත් ඩස්බින් දැම්මා. වතුර බෝතලයකුයි, බිස්කට් එකයි නම් ඉවරයි.  ලංකාවේ රාජ්‍ය ආයතනයක මෙහෙම කාර්‍යක්ශම, සුහදශීලී සේවයක් දැක්කාම පට්ටම සතුටුයි. අනික වට පිටාව හරිම ක්ලියර්. ඔක්කොම ගයිඩ් ලයින් තියෙනවා.  ඇත්ටම හැම ආයතනයක්ම මෙහෙම කාර්‍යක්ශම වෙන්න ඕනි.  ස්ටාෆ් පෝලිම් ඇත්තෙම නෑ. ????  ඉතිං පැය තුනකටත් වඩා අඩු කාලයකදි මං හැදුනුම්පත ගත්තා එක්දින සේවෙන්. ඇත්තටම සතුටුයි.   පගා කාරයෝ, බනින උන්, රවන උන්, උද්දච්ච මිස්ලා ඇත්තෙම නෑ.  ආමි එකයි, ග්‍රාමාරක්ශක අයයි සුපිරිම සර්විස් එකක් දෙනවා.   ඇත්තටම ලංකාවේ හැම ආයතනයක්ම මේ විදිහට කරනවා නම් මිනිස්සු රස්තියාදු නොකර….  ආදරෙයි පු.ලි.දෙ ❤️❤️❤️❤️

© Nadee Dhanushika Ambalangodage  හොඳ දේ අගයමු ????

About The Author

Leave a Reply