basil-2

ඉන්දියාවෙන් සිදුවන බලපෑම් මත පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වීමට ඉඩ ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ   ප්‍රධාන කාර්යාලයේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ථ ලංකා පළාත් සභා මන්ත්‍රී සංසද රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ජුලි මස 10 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවන බවත් එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම තීරණය වනු ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කර ඇත.

About The Author

Leave a Reply