WhatsApp Image 2023-06-10 at 20.00.39

යුරියා පොහොර මිටිය රුපියල් 5000කට වඩා අඩුවෙන් මහ කන්නයේදී ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10)පැවසීය.

තරුණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන ව්‍යාපෘතිය අරඹමින් තිස්සමහාරාමයේ දී පැවති ගොවි හමුවකදී අමාත්‍යවරයා මෙි බව කීය. මේ දිනවල පෞද්ගලික අංශය විසින් යුරියා පොහොර මිල ඉහළ දමා තිබෙන නමුත් රජය ලබන 15 වැනිදායින් පසු පොහොර මිටියක මිල තවත් රුපියල් 1000කින් අඩු කර රුපියල් 9000ක මුදලකට දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය .

එපමණක් නොව මෙම වසරේ මහ කන්නය වන විට යුරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

About The Author

Leave a Reply