WhatsApp Image 2023-06-12 at 09.44.13

Students for Students සංකල්පය අනුව මෑතකදී පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයේ ඉදිවූ, වෙනස්ම කැෆේ එකක්..????‍????????(කැන්ටිමක් නෙමේ)

වැදගත්කම තමා මේ කැෆේ එක මැනේජ් කරන්නෙ ඇග්රි ෆැකල්ටි එකෙම සිසුන්.. එයාලට ෆ්රී වෙලාවල් වල part time shifts වලට වැඩ කරන්න පුළුවන්.(පිටරටත් මේ සංකල්පය ගොඩක් ජනප්රිය යි)

බොහොම නිදහස් , සුවපහසු වටපිටාවක් තියෙන ඕනෙම කෙනෙක් ට විවෘත කැෆේ එකක්..
සාධාරණ මිල ගනන් යටතේ පිරිසිදු ආහාර ,බීම වර්ග, අතුරුපස වර්ග, කේක්, අයිස් කොෆී,Mojito, ඩෝනට්ස්,Soup ජාති, ක්රිස්පි චිකන් බර්ගර්,හොට්ඩෝග්, නූඩ්ල්ස් වගේ තව කෑම ජාති ගොඩක් තියෙනවා .☕????????????️????????
අමතක උනා නේ..Vet farm එකෙන් එදා උදේම දොවාගෙන එක fresh milk වලින් හදන රසම රස මිල්ක්ශේක් (Chocolate / strawberry ) එකකුත් තියෙනවා ..ඒකනම් මාරම රසයි..????
විශේෂත්වය තමයි වෙන තැන් වල වගේ ආහාර රස ගන්වන්න MSG (අජිනමොටෝ) වගේ කෘතිම රසකාරක මුකුත්ම පාවිච්චි කරන්නෙ නෑ..ස්වාභාවික රසකාරක වලින් තමා කෑමට රස එකතු කරන්නෙ….????
එදිනෙදා අවශ්ය එළවළු ජාති නැවුම් පිට එදාම අරන් එනවා..කල් යව යව ෆ්රිජ් වල දාන පරන වුණු එළවළු කිසිවක් යොදාගන්නෙ නෑ..ඒ නිසාමා කෑම ජාති ගොඩක් ෆ්රෙශ්..????????????️????
Open kitchen එකක් තියන නිසා ඔයාගේ කෑම වේල හදන්නෙ කොහොමද කියලා ඇස් දෙකෙන්ම බලාගන්නත් පුළුවන් ..(Chef Uncle හරිම කඩිසරයි)
යාලුවො එක්ක, දෙමව්පියෝ එක්ක, GF/BF එක්ක ඇවිත් නිදහසෙ කෑම කන්න, කතා කරන්න , වගේම
යාලුවොන්ගෙ birthday වලට, විශේෂ අවස්ථාව වලදි ඇවිත් කේක් එකක් කපලා, පොඩි පාටියක් එහෙම දාලා, සින්දුවක් කියලා යන්නත් පුළුවන් ????????
මනස ටිකක් රිලැක්ස් කරගන්න , පාඩුවෙ පාඩම් වැඩක් කරගන්න හිතුනොත්, නිස්කලංක පරිසරයක් වගේම, free WIFI තියෙනවා ..????‍????????
හැම සිකුරාදාම් හවසට කැම්පස් එකේම ලමයින්ගෙ ලස්සන entertainment event එකක් කරනවා..මනස සන්සුන් කරන ලස්සන සිංදු ටිකක් අනිවාර්යයෙන් ම අහන්න පුළුවන් එදාට ආවොත් ..????????‍♀ ????
ඉතින් ඔයාලත් ෆ්රී වෙලාවක ඇවිත් යන්න අමතක කරන්න එපා..????♥️
සතියෙ දවස් පහම වගේම සෙනසුරාදා ඉරිදා ත් 9am – 8 pm විවෘත යි..
thekiosk
Credit – Sam Karannagoda ❤️

About The Author

Leave a Reply