OceanGate සබ්මැරීනයේ කථාව ගැන දැන් හැමෝම දැනුවත්
මේ ලියන වෙලාව වෙනවිට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරල තියෙන්නෙ ව්‍යසනකාරී පිපිරීමකින් පස්සෙ මේ සබ්මාරීනය සුනුවිසුනු වෙන්න ඇති කියල.
එහෙම වුනා නම් ඉතිරි ටික ගැන අපිට හිතාගන්න පුළුවන්.
හරි මේ සම්බැරීනයෙන් සංචාරයට එක්වූ පිරිස අතරින් ටිකක් අවදානය වැඩිපුර තිබුනු කෙනෙක් තමයි හෙමීස් හා(ර්)ඩින් කියන්නෙ.
58 වියැති ඔහු දෙදරු පියෙක්,
ඒ වගේම බ්‍රිතාන්‍ය ජාතිකයෙක්
පසුව ඩුබායි වලට ඇවිත් තියෙනවා කියන්නෙ, තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ලු.
2004 වසරේ දී තමයි හෙමීස් තමන්ගේ ඇක්ෂන් ඒවියේෂන් කියන ව්‍යාපාරික ජෙට් යානා අලෙවිකරන සමාගම පටන් ගන්නෙ.
ඔහු බලපත්‍රලාභී ගුවන් නියමුවෙක්.
මොකක් ද බලපත්‍රලාභී කියන්නෙ, ලයිසන් නැතිව ප්ලේන් පදින අයත් ඉන්නව ද?
මගෙන් ඒව අහන්න එපා, පදින අය නෑ….පැද්දා කියල කියන අය නම් ඉන්නවා
හෙමීස්ට අතිශය ආශාවක් තිබිල තියෙනවා ත්‍රාසජනක දේවල් සොයාගෙන යන්න,
ඒ වගේම ඒ ස්ථාන වල ගැබ් වෙලා තියෙන දේවල් පිළිබඳව සොයා බලන්න.
ඒ ස්ථාන වලට මිනිසුන් සංචාරය කරවන්න.
ඒ ආශාව නිසාම එය තමන්ගේ ව්‍යාපාරයක් හැටියටත් ඔහු පවත්වාගෙන ගිහින් තියෙනවා.
හෙමීස් ත්‍රාසජනක දේවල් කරල ගිනස් වාරතා, ලෝක වාර්තා බොහොමයක් තමන් සතු කරගත් කෙනෙක්.
බලන්න මේ පහළ තියෙන වාර්තා ලිස්ට් එක දිහා
2021 වසරේ දී හෙමීස් යනවා මරියානා ආගාධයට,
ඒ ස්ථානය ගැන අළුතින් කියන්න අවශ්‍ය නෑනෙ, ඔහු ගිය ඒ ගමන වාර්තා පොත් අතරට එක් වෙන්නෙ ගැඹුරුම මුහුදු පතුලේ වැඩිම කාලයක් ගතකල පුද්ගලයා හැටියට යි.
ඒ වගේම පහුගිය වසරේ ඒ කියන්නෙ 2022 ජුනි හෙමීස් අභ්‍යාවකාශ ගතවෙනවා බිලියනපති ජෙෆ් බෙසෝසස් එක්ක. ඒ අවස්ථාව ඉතිහාසගත වුනේ ටිකට් එකක් අරගෙන මගීයෙකු පළමු වතාවට අභ්‍යාවකාශයට ගිය ගමන හැටියට
හෙමීස් තමන් නියමුවා හැටියට කටයුතු කරමින් ගුවන් යානාවක් පදවගෙන ලෝකය වටේ ගිහින් තියෙන කෙනෙක්
ඒ වගේම දකුණු අර්ධ ගෝලයට දෙවතාවක් මිනිසුන් රැගෙන ගිහිනුත් තියෙනවා,
ඒ අවස්ථා දෙකෙහිදී ම ලෝක වාර්තා පිහිටවන්න ඔහු සමත්කම් දක්වලා තියෙන්නෙ පහත විදිහට.
ඔහු 2016 දී දකුණු අර්ධගෝලයට යන්නෙ බස් ඕල්ඩ්රින් කියන තැනැත්තත් සමගින්. ඒ ගමනේ දී 86 වියැති ඕල්ඩ්රින් දකුණු අර්ධගෝලයට ගිය වයස් ගතම පුද්ගලයා බවට පත්කරනවා.
ඒ වගේම 2020 දී හෙමීස්, ගිල්ස් නැමැති දරුවත් සමග දකුණු අර්ධගෝලයට යනවා. 12 වියැති ගිල්ස් ඒ ගමන අවසානයේ දී එහි ගිය ලාබාලතම පුද්ගලයා බවට පත්වනවා.
ඔබ දන්නවා ද ගිල්ස් කියන්නේ කව්ද කියල.
ඒ හෙමීස්ගේ පුතා.
දැන් අවසන් ඇති කියල ඔබට හිතෙනවා ඇති
නෑ…. තව තියෙනවා
හෙමීස් 2017 දී වයිට් ඩෙසර්ට් නමින් සමාගමක් පටන් ගන්නවා.
ඇත්තටම එය ප්‍රභූ ව්‍යාපාරික ගුවන් ගමන් සපයන ආයතනයක්.
එහි ගමනාන්තය තමයි කවුරුත් නොයන ඇන්ටාක්ටිකාව.
ඒ අනුව හෙමිස් එහිදීත් සමත්වනවා මේ වගේ කටයුත්තක් කල ලොව පළමු පුද්ගලයා බවට පත්වන්න.
ඒ වගේම අමතක වෙන්නත් ගියා ඔය පහළ ඡායාරූපය ගැන කියන්න
1940 වගේ වෙනකොට ඉන්දියානු චීටා සත්වයන් වඳවීමේ තර්ජනයට ලක්වුනා.
ඉතින් පසුගිය වසරේ (2022) ඉන්දියාව, නයිජීරියාවෙන් චීටා සත්වයින් 08 දෙනෙකු බොහොම රාජතානිත්රින විදිහට ගෙන්වා ගත්තා.
ඔවුන් රැගෙන ආවේ මේ චීටා ෆ්ලයිට් කියන බෝයිං B 747 යානාවෙන්.
2015 වසරේ දී චීටා වුන් ආරක්ෂා කරගැනීම පිළිබඳව ලෝක වාසීන්ට අවබෝධයක් ලබාදීමට හෙමීස් විසින් චීටා ෆ්ලයිට් සංකල්පය හඳුන්වා දී බෝයිං B 747 යානාවත් පිංතාරු කලා. මෙම යානාව රුසියානු සමාගමකට අයත් යානාවක්
සම්බැරීනයේ සිදුවීම කෙබඳු ආකාරයට නිමා වුනත්, හෙමීස් හා(ර්)ඩින් වගේ වෙනස් ආකාරයට ලෝකය දකින මිනිසෙකුත් එහි සිටි වග අමතක කරන්න බැහැ.
මේ ගමන ඔහු පුරුදුවෙන්න ගිය ගමනක් නෙවෙයි, ඒ වගේම ඩොලර් 250 000 ක් ගෙවලා මැරෙන්න ගිය ගමනකුත් නොවෙයි
මරියානා අගාධය නරඹන්න ගිය වෙලාවෙ ඔහු අපූරු කථාවක් කියල තිබුනා.
ඒ තමන්ගේ ත්‍රාසයෙන් පිරුනු ජීවන ගමන ගැන.
එහිදී කියල තිබුනා සෑම වසරකම ඔහු යම් සොයාගැනීමක් වෙනුවෙන් ත්‍රාසජනක ගමනක යෙදෙන බව, ඒ වෙනුවෙන් ඔහුගේ පවුලේ අය දක්වන සහය ඔහු විග්රහ කරල තිබුනා.
අපි කොතන ද?
තවම කිකිළි දමන බිත්තරේ පාලන මිලට දී ගන්න බෑ, පිටි මිල අඩු වුනාට අමුද්‍රව්‍ය මිල බැහැල නැති නිසා පාන් අඩු කරගන්න බෑ ( මොක ද? පිටි වලට වඩා මිල අධික පාන් වල තියෙන අමුද්‍රව්‍ය මොකක් ද කියල තවම හොයාගන්න බැරි වුනු නිසා)
✍️ – නිලන්ත තෙන්නකෝන් 23/06/2023