36811043_l

ඔලිව් තෙල් වර්ග තියෙනවා එකක් අමුවෙන් කන එක අනික උයන්න ගන්න එක අමුවෙන් කන එක උයන්න ගන්න හොද නෑ රත් කරද්දි විස වෙනවා …extra vargin olive oil අමුවෙන් කන්නෙ..අනිත් එක pure olive oil කියන එක උයන්න ගන්නෙ…..
එකක් තමයි ලේබල් එකේ DOP කියන අකුරු තියෙනවද කියලා බලන්න. එකෙන් අදහහස් කරන්නේ “Denominazione di Origine Protetta”. මෙමගින් ඒ අඩංගු දේවල් වල ප්‍රමිතිය සහතික කරලා තියෙනවා.

අනික් එක තමයි ඒ ඔලිව් තෙල් එකේ තියෙන ඇසිඩ් ගතිය. එම ඇසිඩ් ගතිය මත තමයි තීරණය කරන්නේ එක ආහාරයට එකතු කරගන්න හොඳද නැද්ද කියන එක. ඒක ඒ බෝතලයේ ගහලා තියෙනවා.

බෝතලේ අතට අරගෙන බලන්න මෙතන තියෙන ලිස්ට් එකෙන් මොකද්ද ඒ බෝතලේ ගහලා තියෙන්නේ කියලා…

* Olio extravergine di oliva – තෙල් පෙරලා තියෙන්නේ මැසින් වලින්. කෑමට ගන්න පුළුවන්. ඇසිඩ් ගතිය උපරිම 0,8%.

* Olio di oliva vergine – තෙල් පෙරලා තියෙන්නේ මැසින් වලින්. කෑමට ගන්න පුළුවන්. ඇසිඩ් ගතිය උපරිම 2,0%

* Olio di oliva lampante – කෑමට ගන්න බැහැ. ඇසිඩ් ගතිය 2,0% වඩා වැඩියි.

* Olio di oliva raffinato – පළමුව රසායනික ද්‍රව්‍ය වලින් පිරිපහදු කර දෙවනුව සාමාන්‍ය ක්‍රමයට පෙරීම. ඇසිඩ් ගතිය උපරිම 0,3%.

* Olio di oliva composto di oli di oliva raffinati e oli di oliva vergini – පිරිපහදුවේ උපරිමයටම සිදුකර ඇසිඩ් අගය උපරිම 1,0% ටත් වඩා අඩුයි.
තව දෙයක් කියන්න ඔනෙ දැන් classico කියලා අැවිත් තියනවා extra vagin oil එකක් එක උයන්න හොදයි කියලා තමයි කියන්නේ මාත් මෙ දවස් වල පාවිච්චියට ගන්නෙ එක .. ඔලිව් තෙල්

වෙළඳපොලේ ඉහළ මිල ගණන් යටතේ විකිණෙන ඔලිව් ඔයිල් ගැනයි මේ.ළමා ආහාර සඳහා වඩා සුදුසු තෙල් වර්ගයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් හා ව්‍යාපාරිකමය සූක්ෂම වෙළද ප්‍රචාරණ ක්‍රම නිසා මිල අධික වුවත් ඔලිව් තෙල් දරුවන්ට ලබා දීමට මව්වරු පෙළඹෙයි.ඔලිව් තෙල් යනු සෞඛ්‍ය ආරක්ෂිත තෙල් වර්ගයක් බව විවාදයක් නැත. නමුත් දරුවන්ට ඔලිව් තෙල් ම දිය යුතුයැයි නියමයක් හෝ ඔලිව් තෙල් ලබා දීමෙන් සිදු වන මහා විශාල වෙනසක්ද නැත.බරෙන් අඩු දරුවෙකුට නියමිත බර සකස් කර ගන්නා තෙක් බටර් ,ස්වාභාවික තෙල් වර්ග (අලි පේර ,තෙල් සහිත මාලු වර්ග,තල, රටකජු )සහ ඔලිව් තෙල් සෝයා තෙල් , කැනෝලා තෙල්, පිරිසිදු පොල් තෙල්,ගිතෙල් වැනි තෙල් වර්ග ප්‍රමාණාත්මකව පමණක් යොදා ආහාර පිළියෙල කර දීමට හැක.නමුත් සාමාන්‍ය බරින් යුතු හා බර වැඩි දරුවන්ට අධිකව තෙල් දමන ලද ආහාර වර්ග ලබා දීම සුදුසු නොවේ.මොලේ වර්ධනයට අවශ්‍ය ආහාරවල හා අලි පේර වැනි පලතුරු වලත් ඇට වර්ග එළවළු වල පවතින ස්වභාවික තෙල් දරුවන්ට වඩා සුදුසුයි.

ඔලිව් තෙල් ලබා දීමේදී නියමිත දැනුමකින් තොර ව වෙළඳපලේ ඇති ඕනෑම ඔලිව් තෙල් වර්ගයක් මිලදී ගෙන දරුවාට ලබා දීම බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබීමට වඩා අහිතකර ප්‍රතිඵල ලැබීමට හේතු විය හැකි බැවින් ඔලිව් තෙල් පිළිබඳව හොඳින් දැන භාවිතා කිරීම අගනේය.

අධිකව රසායනික සංයෝග යෙදු පරණ වූ වෙනත් රටකින් ආනයනය කළ නම පමණක් සෞඛ්‍ය මත් වූ තෙල් බෝතලයක් නිවසට ගෙනියනවට වඩා හොඳින් දන්නා පිරිසුදු අපේ රටේ නිෂ්පාදනය කරන තෙල් වර්ගයක් ගෙන යාම සමහරක් විට සුදුසු බව රැල්ලට හා වෙළඳ ප්‍රචාරණවලට හසු ව සෞඛ්‍ය ආරක්ෂිත ආහාර සොයා යන සමහර මවු වරුන්ට මතක් කළ යුත්තේමය.

ඔලිව් තෙල් වර්ග බොහොමයක් ඇත.
මිලට ගැනීමට පෙර බෝතලයේ ලේබලය පරික්ෂා කරන්න.

Extra-virgin olive oil

ඔලිව් ගෙඩි වලින් ලබා ගන්නා මුල්ම තෙල් වර්ගය මෙයයි. මේවාට රසායනිකයක ද්‍රව්‍ය කිසිවක් එක් නොකරයි.

Virgin olive oil
ඔලිව් ගෙඩි වලි දෙවන නිස්සාරණයෙන් ලබා ගන්නා තෙල් වර්ගය මෙයයි. මෙයටද රසායනිකයක ද්‍රව්‍ය කිසිවක් එක් නොකරයි.

Olive-pomace oil
ඔලිව් ගෙඩි වලින් ලබා ගන්නා තෙවන තෙල් වර්ගය මෙයයි. මේවාට රසායනික ද්‍රව්‍ය එක් කරයි.

Refined olive oil
ඔලිව් ගෙඩි පිරිපහදු කිරීමෙන් අවසන් වශයෙන්මෙ ලබා ගන්නා තෙල්ය වර්ග යයි. රසායනික ද්‍රව්‍ය යොදනු ලැබේ.

වඩා හොඳ කුමන තෙල් වර්ගයද?

සිරුර ට වඩා හිතකර වන්නේ මුලින්ම නිස්සාරණය කරන ඔලිව් තෙල් පමණකි.මේ නිසා ඔලිව් තෙල් මිලදී ගැනීමේදී මේ පිළිබඳව සැලකිලිමත් වන්න.විශේෂයෙන් දරුවන් සඳහා භාවිතා කිරීමට මිලට ගන්නා විට extra virgin හෝ vergin oil පමණක් මිලදී ගන්න.

ඔලිව් තෙල් රත් කළ යුතු නියමිත උෂ්ණත්වය

එම උෂ්ණත්වයට ඔබ්බෙන් රත් කළ හොත් ඔලිව් තෙල් වල ගුණාත්මක භාවය අහිමි වී යන අතර සිරුරට අහිතකර තෙල් වර්ග ස්වභාවයටම පත් වෙයි. එසේම ඔලිව් තෙල් දෙ වරක් රත් කිරීම කල නොහැක.

ගුණාත්මක බව පවතින කාලය

ඔලිව් තෙල් වල නියමිත ගුණාත්මක භාවය රැඳී පවතින්නේ නිෂ්පාදනය කළ දින සිට අවුරුද්දක් හෝ අවුරුදු එකහමාරක් තුළ පමණි.මේ නිසා කල් ඉකුත් ඉකුත් වීමේ දිනය සේම නිෂ්පාදිත දිනයේ සිට අවුරුද්දක් හෝ එකහමාරක් ඇතුළත නිෂ්පාදිත තෙල් පමණක් මිලදී ගන්න.

ගබඩා කිරීම

ඔලිව් තෙල් ගබඩා කළ යුත්තේ අදුරු හිරු එළිය නොවැටෙන ස්ථානවලයි.
කොළ පැහැ කළු පැහැය අඳුරු බෝතල් වල සේම හිරු එළිය නොවැටෙන තැනක තබා ඇති තෙල් බෝතල් පමණක් මිලට ගන්න.නිවසට ගෙන්වා පසු ද අදුරු ස්ථානයක තබන්න.

බබාලට කැම කවද්දී ඔලිව තෙල් හැන්දක් දාලා කවලා පුරුදු කරන්න.සමට අමුතුවෙන් එක එක ඒවා කරන්න ඕනේ නැති වෙයි.

ඉස්සර මම හැමදාම උදේට කහ ඔලිව තෙල් මි පැණි හැදී දෙකක් බිවුවා. ඒකෙන සම ගොඩක් පැහැපත් වෙනවා මගේ කකුල් පැලුන එකත් හොදටම හොද උනා

ඔලිව් තෙල් කෙස් වල ආතතිය පවත්වාගෙන යාමට උපකාර වනවා. මේ නිසා කෙස් කැඩී යාම් වලකිනවා. මේ නිසා ඔලිව් තෙල් මගින් හිසකෙස් පෝෂණය වනවා මෙන්ම වියළි යාමෙන්ද වලකිනවා.

මෙ හැම එකක්ම අපි බාවිතයට ගන්නෙ නෑ එ නිසා අපිට අවශ්‍ය දෙකෙ පින්තූර මන් අන්තර්ජාලයෙන් ගත්තා දැන් ඔයාලාට ලෙසි මෙ දෙක ලෙසියෙන් අදුන ගන්න….

ආහාරයට ඔලිව් තෙල් එකතු කර ගන්නා පුද්ගලයන්ගේ හදවත් රෝග, දියවැඩියාව, පිළිකා හා ඇදුම වැළදීමට ඇති අවධානම ඉතා අඩු බව සොයාගෙන තිබෙනවා.

සිරුරේ අහිත කර කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අඩුකරමින් හිතකර කොලෙස්ටරෝල් වැඩිකිරීමට ඔලිව් තෙල් වලට ඇත්තේ අරුම පුදුම හැකියාවක්.

බොහෝ තෙල් වර්ග ශරීරයට අහිතකර නිසාම බොහාේමයක් ලෙඩරෝග වලදී තෙල් ආහාර වලින් වලකින ලෙස කියා සිටියත් ඔලිව් තෙල් ඒ වෙනුවට හොදම ආදේශකයක් ලෙස යොදාගන්න පුළුවන්.

පිරිසිදු කල ඔලිව් තෙල් වලට වඩා පිරිසිදු නොකල ඔලිව් තෙල් ගුණයෙන් ඉහළයි. එහි අඩංගු රසායනික ද්‍රව්‍ය බඩවැල් ආශි‍්‍රත පිළිකා, පියයුරු පිළිකා ඇතුලු පිළිකා ගණනාවකට ආරක්ෂාව සලසනවා.

රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට වගේම හෘද රෝග අවධානම අඩුකිරීමටත් ඔලිව් තෙල් වලට පුළුවන්. ඇදුම, ආතරයිටීස් වැනි ප‍්‍රදාහ තත්ත්වයන් පාලනය කිරීමට මෙන්ම ඔස්ටියෝපොරෝසීස් අවදානම අඩුකිරීමටත් ඔලිව් තෙල් වඩ අඩංගු සංයෝග වලට හැකි බව පරීක්ෂණ වලින් ඔප්පු වී තිබෙනවා.

ඔලිව් තෙල් කියන්නේ ඉතා පහසුවෙන් ජීර්ණය වෙන තෙල් වර්ගයක්. මේ නිසා ඔලිව් තෙල් වලින් පිසගත් ආහාර ගැනීමෙන් බඩ පුරවා දැමීම වැනි අපහසු තත්ත්ව ඇතිවන්නේද නැහැ. ඉතිං පොල්තෙල්, එළවළු තෙල් වෙනුවට ආහාරයට ඔලිව් තෙල් යොදාගැනීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත වනවා

මෙත් සිතිනි

නේරංජනා කස්තුරිආරච්චි❤️

About The Author

Leave a Reply