
තුමුල බලැති තෙදවත් ඇත් රජිදාණ
රුවන් කරඩු කුඹු මත දැරු ගිජිදාණ
නරන් වෙතින් වන් පිරිපත ඉවසාන
ඉතින් වෙන්ව යනවද ගජ නිරිදාන
පුලුන් රොදක් සේ යානය එසවේවා
ගුවන් තලේ දෙවියෝ එය රැකදේවා
ගමන් වෙහෙස මුතු මැණිකට නොමවේවා
සැහැල්ලුවෙන් මව් රට වෙත පැමිණේවා
හෙටක් උදාවේ නංවා අඹරෙ හිරූ
එහෙත් නෑසේවි නුඹෙ හඩ කනට හුරූ
යලිත් දිනක හැකිනම් මුණ ගැහෙන තුරූ
ඉතින් ආයුබෝවන් ඇත් රජුනි ගරූ
✍ – මධූෂා පෙරේරා
ඡායාරූප – නදීර උදයංග