362678108_1707047399796328_4426232748828266695_n

සිරප් එකට අවශ්ය ද්රව්ය ???? 

සීනි ග්රෑම් 100
රෝසවතුර තේ හැඳි 1
දෙහි යුෂ තේ හැඳි 1

 

ගුලාබ් ජමුන් බෝල සඳහා අවශ්ය ද්රව්ය ???? 

කිරිපිටි ග්රෑම් 40
පාන්පිටි මේස හැඳි 1 1/2
රුලං ග්රෑම්20
බේකින් සෝඩා මේස හැඳි 1
කිරි කෝප්ප 1/2
මෙල්ටඩ් බටර් මේස හැඳි 1
දෙහි යුෂ ටිකක්
සීනි මේස හැඳි 1

මුලින්ම සිරප් එක හදාගන්න සීනි වලට වතුර කෝප්ප 1/2ක් එකතු කරලා ලිපේ තියන්න. සීනි දියවෙලා බුබුළු දානකොට ගින්දර අඩු කරලා රෝස වතුර දාගන්න. ලිප නිවලා දෙහි යුෂ ටික එකතු කරන්න.

භාජනයක් අරගෙන කිරිපිටි, පාන්පිටි, රුලං, බේකින් සෝඩා, බටර් හා සීනි දාලා හොඳට කලවම් කරගන්න.

මේ ඔක්කොම හොඳට අනාගන්න ගමන් දෙහි යුෂ හා කිරි ටික ටික දාන්න. මේ විදියට ඝනකම් මිශ්රණයක් හදාගෙන ඒකෙන් පොඩි බෝල හදාගන්න.

මේ බෝල ගැඹුරු තෙලේ බැද සීනි සිරප් එකේ දාලා පැය දෙකකින් විතර පිළිගන්වන්න

About The Author

Leave a Reply