අවශ්ය ද්රව්ය
හාල්පිටි ග්රෑම් 100
උඳුපිටි ග්රෑම් 100
බේකින් පව්ඩර් තේ හැඳි 1/2
අල ග්රෑම් 500
ළූණු ගෙඩියක්
අමුමිරිස් කරල් දෙකක්
කරපිංචා
මිරිස්කුඩු තේ හැඳි 2
කහකුඩු තේ හැඳි 1/2
ගරම් මසාලා තේ හැඳි 1/2
අබ තේ හැඳි 2ක්
සුදුළූණු බික් 3-4
අල ටික තම්බා ගන්න. පෑන් එකක් ලිපේ තියලා තෙල් දාලා රත්වෙනකොට ලියාගත් ළූණු, සුදුළූණු, අබ, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. මිරිස්කුඩු, කහකුඩු, ගරම් මසාලා, ලුණු අවශ්ය ප්රමාණයෙන් දාලා ෆිලින් එක හදාගන්න.
දැන් අල පොඩි කරලා මේකට එකතු කරන්න.
බැටර් එක හදාගන්න හාල්පිටි හා උඳු පිටි වලට මිරිස්කුඩු, කහකුඩු, බේකින් පව්ඩර් හා ලුණු දාලා වතුර ටික ටික එකතු කරලා උකු බැටර් එකක් හදාගන්න.
අල කරි එකෙන් බෝල හදලා මේ බැටර් එකේ දවටලා ගැඹුරු තෙලේ බැදගන්න