වසර කීපයක් යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශය ගිවිසුමකට අනුව වසර කීපයක් යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ බවත් එම ගිවිසුම ප්රකාරකව නැවත භාරගන්නා බවත් එම අංශයේ කටයුතු පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට පුහුණුව ලබමින් සිටින බව කී මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ඉන් පසුව එම නිලධාරීන් එහි සේවයට අනුයුක්ත කරන බව ද සඳහන් කළේය.