
වේලාව රාත්‍රී 10 00
ස්ථානය – පානදුර රජයේ රෝහල
දිනය – 23 07 2023
හොඳ දේ ඇගයිය යුතුමයි.
ඊයේ රාත්‍රියේ ඇතිවූ හදිසි අවශ්‍යතාවයක් මත මා හට මාගේ දියණිය පානදුර රෝහල වෙත රැගෙන යාමට සිදු වුණා. රජයේ රෝහල් සහ එහි කාර්යය මණ්ඩල පිළිබඳ නොයෙකුත් අවලාද ඇහෙන කාලයක මේ සදහන තැබිය යුතුමයි කියලා හිතුනා.
Gate එකෙන් ඇතුල් වුණ තැන ඉඳලම දැනුනේ අමුතුම හැගීමක්. මා කවරෙක්ද, මගේ තරාතිරම කුමක්ද, මා රෝහල තුළ දන්නා හදුනන්නන් කවරෙක්ද කියන දේ කොහෙත්ම අදාළ වුණේ නැහැ. ගේට්ටුව ළඟ හිටපු ආරක්‍ෂක නිළධාරියාගේ සිට වෛද්‍යවරයා දක්වා ලැබුණේ හිතා ගන්නට බැරි කුළුපග ලෙන්ගතු සේවාවක්.
රෝගියාගේ සියලු තොරතුරු bar code එකකට සීමා වුණා. වෙනදා පිටු ගනන් පුරවන forms වෙනුවට, එක තැනක එක නිළධාරියෙක්, සියලු තොරතුරු පරිගණක ගත කළා. Admission එකේ ඉඳලා ward එකට යනකන් ගතවුණේ විනාඩි කීපයක් විතරයි. අරන් යන්න වුණේ bar code එක විතරයි.
ලංකාවේ පෞගලික රෝහලකවත් නැති system එකකට මේ රෝහල වැඩ කරන හැටි දැක්කහම ඇහැට කඳුලක් ඉනුවා.
ලෙඩාගේ සම්පූර්න history එකම දැන් bar code එකක තියෙන නිසා, ඊළඟ පාර එන කොට ඕන වෙන්නේ bar code එක විතරයි. සතුටු විය යුතු නැද්ද ඉතින්?
පිටරට hospital එකක තරම් පහසුකම් නැති වුනාට, මේ system එක පට්ටම පට්ටයි.
මම කවුද කියලා කියනවාට වඩා, මුළු හිතින්ම ස්තුති කරාට මදිද කියලා හිතුන නිසා මේ සටහන තබන්න හිතුවා.
අපි වෙනස් වෙනවා. වැදගත් පුද්ගල චරිත වෙනස් වීම නෙමෙයි, system change එකක්.
සෑම වෘත්තීයකම නොගැලපෙන්නන් සිටීම අපිට පාලනය කරන්න බැරි වගේම, ඒ විවේචනත් එක්කම හරි දේ අගයන්න උත්සාහ කරමු.
අසනීපයක් කියන්නේ කොච්චර කෙරුමෙක් වුනත් අසරණ වෙන වෙලාවක්. එතනදී පුම්බන්නේ නැතුව පුප්පන්නේ නැතුව තමන්ගේ යුතුකම කරනවා කියන්නේම, ඇගයිය යුත්තක්.
ඔබ දෙවියෙකු නොව, මනුස්සයකු වන්නට උත්සාහ ගන්න. දෙව්ලොව නැති සතුටක් විදිනවා නොඅනුමානයි, නිසැකයි.
ඔව්, අපි වෙනස්. ඒ වගේම අපි වෙනස් වෙනවාමයි.
පානදුර රෝහල් කාර්ය මණ්ඩලයටම මගේ උපහාරය වගේම, උණුසුම් සුභ පැතුම්….!
උපුටාගැනීම Rangika umesh Halwatura