1713233951-fire_L

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇත.

අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇති බවට වාර්තාවෙයි.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.

About The Author

Leave a Reply