damitha

මුදල් වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පිනි දමිතා අබේරත්න හා අගේ සැමියා නැවතත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පෙරවරුවේ රැගෙන විත් ඇත.

පුද්ගලයෙකු විදේශගත කරන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව දමිතා අබේරත්න සහ ඇගේ සැමියාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු පසුගිය 05 වැනිදා අධිකරණය විසින් අද දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබින.

About The Author

Leave a Reply