ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට සැක පළ කරන බවය.
ඉන්දුනීසියාවේ උතුරු සුලවේසියෙහි රුආං දූපතේ පිහිටා ඇති මෙම ගිනිකන්ද ඊයේ දින සිට පුපුරා යමින් තිබේ.
ඒ හේතුවෙන් ඒ ආසන්න ප්‍රදේශවාසීන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
ඉන්දුනීසියාව ලොව වඩාත්ම සක්‍රිය ගිනි කඳු පවතින ගිනි වළල්ල කලාපයේ පිහිටා තිබේ.
මීටර් 725ක උසින් යුතු රුවන්ග් ගිනි කන්ද සැලකෙන්නේ ඉන් වඩාත් සක්‍රියම ගිනි කන්දක් ලෙසය.