4545454-1

මෙම මස 24 වැනිදාට යොදාගෙන තිබෙන ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඇමරිකාව විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

මෙරට ඇමරිකානු තනාපති කාර්යාල ඉහළ පෙළේ නිලධාරීන් විසින් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ නිල උත්සවය සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රාහීම් රයිසි මෙරටට පැමිණීම පිළිබඳව විරෝධය විරෝධය රජයට පළ කර ඇත. කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත පැමිණ එසේ විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

ඉරාන ජනාධිපති පැමිණෙන ගුවන් යානය මත්තල ගුවන් තොටුපළේ ගොඩ බස්වා දැඩි ආරක්ෂාවක් යටතේ උමාඔද දක්වා ගොස් එදිනම ආපසු යාමට සැලසුම් කර ඇති අතර ඉරාන ජනාධිපතිගේ මෙරට සංචාරයට පෙර ඉරාන ආරක්ෂක අංශවල නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

ඊශ්‍රායලයේ මෝසාඩ් ඔත්තු සේවය ද ඇමෙරිකානු ඔත්තු සේවාවන්ද ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවද වාර්තා වෙයි.

About The Author

Leave a Reply