මියන්මාරයේ මියාවඩි සයිබර් අපරාධ කලාපයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයින් 08 දෙනා අද (18දා) මෙරටට පැමිණ ඇත.
එම අට දෙනාට කාන්තාවන් 02කු ඇතුලත්ය.
මියන්මාරයේ මියාවඩි සයිබර් අපරාධ කලාපයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 08 දෙනෙකු පසුගිය මාර්තු මස 04වන දා මුදාගැනීමට මියන්මාර ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි.
තායිලන්තයේ සිට අද (18) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගා වු යු.එල් 403 දරණ ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පැමිණ ඇති අතර ඔවුන්ගෙන් ආරක්ෂක අංශ ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.