මදුවිතෙන් මත්වෙලා ටික ටික…
රැඟුම් පෑමට හාමුලා මැද…
යා යුතුය රැය ගෙවෙන්නට පෙර…
පෝසතුන්ගේ දෑස් අභියස…
ලොවට මා අභිසාරිකාවක් වන විට…
මගෙ දෙපාමුල සැතපෙනා උන්..
සුදුම ඇඳගත් වියතුන් වන විට…
හිනැහෙන්න තැන් මදිය මා හට…
මුදල් බලයට රැය පහන් කර…
කිසිවක් නොදන්නා හාමුලා ලෙස…
මවාපාන ප්‍රතිරූප මැද…
උනුත් යයි නිවහනට පදිරිව…
✍ජානකී