1713943107-aaaaa_L

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.

අද (24) උදෑසන ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුව පිළිගනු ලැබීය.

ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත හිටපු ජානාධිපති මහින්ද රාජපක්ශ මහතාගේ පාලන සමයේ 2011 වසරේදී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි.

ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන එම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24ක දිගින් යුක්ත අතර පුහුල්පොල ජලාශයේ සිට කිලෝමීටර් 4ක භූගත නල මාර්ග ඔස්සේ ඩයරබා ජලාශය වෙත ජලය රැගෙන යන අතර පසුව ඩයරබා ජලාශයේ සිට එම ජලය කිලෝමීටර් 15.5ක දිගකින් යුත් භූගත මාර්ගයක් හරහා පවර්හවුස් බලාගාරය වෙත රැගෙනු ලබයි.

එම ව්‍යාපෘතිය හරහා මෙරට ජාතික විදුලි පද්ධතියට එමගින් එක් කිරීමට නියමිත විදුලි ධාරිතාව මෙගාවොට් 120කි.එමෙන්ම එම ව්‍යාපෘතිය හරහා බණ්ඩාරවෙල, බදුල්ල සහ මොනරාගල යන ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සහ බදුල්ල සහ මොණරාගල ප්‍රදේශවල කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ජලය සැපයීම ද සිදුකෙරේ.

About The Author

Leave a Reply