ARMY_Bikes1

ප්‍රහාර එල්ල කර පලායන පාතාල අපරාධකරුවන් ලුහුබැඳ ගොස් ඔවුන්ට ප්‍රහාර එල්ල කර විනාශ කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ අනූහය දෙනකුගෙන් සමන්විත යතුරුපැදි බළකාය ඊයේ (25 දා) සිට සිය මෙහෙයුම් ආරම්භ කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ දක්‍ෂ නිලධාරීන් 100 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට මාසයකට ආසන්න කාලයක් තිස්සේ කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා කඳවුරේ විශේෂ පුහුණුවක් ලබාදී තිබිණි. එම පුහුණුව අවසන් කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු 96 දෙනෙක් යතුරුපැදි 48ක් සමග ඊයේ සිට සිය මෙහෙයුම් ආරම්භ කළහ.

කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන මෙම විශේෂ ඒකකයේ නිලධාරීන් බස්නාහිර සහ දකුණු පළාත්වල පාතාල ක්‍රියාකාරිත්වයන් බහුලව සිදුවන ප්‍රදේශවල ස්ථානගතව සිට සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත.

About The Author

Leave a Reply