මාලදිවයිනේ ‘මෝල්ඩිවියන්ස්’ ගුවන් සේවය මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය පෙරේදා (25) රාත්‍රි 9.55ට මෙරටට ළඟා විය.
කිව් 2-940 දරන එම ගුවන් යානය කටුනායකට පැමිණි අවස්ථාවේ සාම්ප්‍රදායික ජල ආචාරය පවත්වමින් එය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි. ඉදිරියට මේ ගුවන් සේවයේ යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගුවන් ගමන්වල නිරත වීමට නියමිතය.