
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවෙි චීන තානාපති ක්වී ශෙන්හෝන්ග් (Qi Zhenhong) මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේදී පැවැත්විණි.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා සහ චීන තානාපතිවරයා අතර ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය, වාරි සහ කෘෂි තාක්ෂණය පිළිබඳව කරුණු සාකච්ඡාවට ලක් ව තිබේ.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ,රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහත්වරු ද සහභාගී වූහ.