එදා ප්‍රේමය සහ අද ප්‍රේමය…
කාලෙ වෙනස් වෙලා…තාලෙ අලුත් වෙලා…
එදා පෙම්වතුන් වින්ද ප්‍රේමය සහ අද පෙම්වතුන් විදින ප්‍රේමය වෙනස්…
එදා සිදුවුණු ලිපි හුවමාරුව වෙනුවට අද තියෙන්නෙ මෙසේජස්…
එදා පෙම්වතියගේ මූණ දකින්න ආසාවෙන් ඇගිලි ගැනපු පෙම්වතුන් අද වීඩියෝ කෝල්ස්වලින් ඇයව දකිනවා….
විශාරද නන්දා මාලිනී මහත්මිය කියපු මේ සිංදුව අහනකොට මට හිතුණෙ එදා එතුමිය කියපු මේ ගීතය තවදුරටත් මේ විදියටම කියන්න වර්තමාන පෙම්වතුන්ට පුළුවන්ද කියල….
කඩමන්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොමහරි
කතා නැතුව සිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී
ගහ කොළවලට දාහක් ඇස් ඇති හින්දා
සුළගට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැදයන්න බැරි
දෑස මොටද සිතු සේ දැකගන්න බැරි
කුසුම මොටද ළං වී රොන් ගන්න බැරි
********************
අද පෙම්වතුන් විදින්නෙ නන්දා මාලිනී එදා කියපු මේ සුන්දර ප්‍රේමය නෙමෙයි….
එදා කඩමන්ඩියේ, දොළ අයිනේ මුණ ගැසුණු පෙම්වතුන්ගේ නූතන නවාතැන්පොළ මුහුණුපොත….
ඔවුන් මුණගැහෙන්නෙ එතන….
ඔවුන් තමන්ගෙ පෙම්වතා හෝ පෙම්වතිය හොදින් ඉන්නවද කියල දැනගන්නෙ මුහුණුපොතේ දකින කොළ පැහැති ආලෝකයෙන්….
අද තියෙන්නෙ එදා ප්‍රේමය නෙමෙයි….
ඉතින් කඩමන්ඩියේ ගීතය අද කාලෙට ගැලපෙන විදියට ප්‍රතිනිර්මාණය කළොත් කොහොම වෙයි ද..?
(මෙය හුදෙක් විනෝදාස්වාදය උදෙසා කළ වෙනස් කිරීමක් පමණයි )
මුහුණුපොතේ කොළ එළියෙන් නුඹව පෙනේ
හුඟ දවසකින් ඔන්ලයින් ඇවිදිල්ලා වගේ
මෙසේජ් නැතුව හිටියත් ගොළුවෙලා අපි
ප්‍රොෆයිල් එකට ගොස් බැලුවෙමි නිරන්තරේ
කොළ එළියෙන් ඉන්නා බව දුටු හින්දා
දැන් එයි කියා හිත හිත ඉන්බොක්ස් බැලුවා
ඔන්ලයින් සිටිය මුත් මෙසේජස් නැති හින්දා
ප්‍රොෆයිල් ෆොටො එක බලා සුසුමක් හෙළුවා
කොළ එළිය මොටද ඔබෙ රුව දැකගන්න නැති
මෙසෙන්ජර් මොටද මෙසේජ් එකක් එන්නෙ නැති
මුහුණුපොත මොටද ඔබ හා මා එකට නැති
තාක්ෂණේ මොටද මිනිස් හැගුම් අදුනන්නෙ නැති