maxresdefault (7)

පසුගිය දා රූපවාහිනී වැඩසටහනේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් මිනීමැරුම් සිදුකර ඇති බවට පිළිගත්බව පවසමින් United Youth තරුණ එකමුතුව මානව හිමිකම් කොමිසම වෙත ඊයේ (29) පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම United Youth තරුණ එකමුතුවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් සමන්තිලක පවසා සිටියේ, හිරු බලය වැඩසටහනේදී නලින් හේවගේ විසින් 88, 89 කාලයේ කුඩුකාරයින් සහ මිනීමරුවන් මරාදැමූ බවට සිදු කළ ප්‍රකාශය මගින් එසේ ඝාතනයට ලක් වූ සියලු දෙනාට අපහාසයක් වන බව‍යි.

එමෙන්ම කුඩුකාරයකු වුවත් ස්ත්‍රී දූෂකයකු වුවත් කිසිවෙකුට තවත් අයකු ඝාතනය කිරීමේ හැකියාවක් නොමැති බවත් මෙම සාහසික ක්‍රියාව පිළිගන්නා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නීතිපතිවරයාත් වහාම කටයුතු කළයුතු බවත් සමන්තිලක වැඩිදුරටත් සඳහන් කලා.

About The Author

Leave a Reply