Japan-1

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය 2024 මැයි 04 වැනි දින සිට 05 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය , මෙම සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් බැහැදකිනු ඇත. එමෙන්ම, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමග ද නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම නිල සංචාරයට එක්වෙති.

About The Author

Leave a Reply