KQlRis4eFD5VL808_GalleAerialView

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබේ.

මීටර් 850 ක සහ මීටර් 150 ක දිගින් යුත් දියකඩන දෙකක්, වරායේ පත්ල මීටර් 12.05ක් දක්වා ගැඹුරු කිරීම, මගී පර්යන්තයක් ඉදිකිරීම ආදිය මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන පාරිසරික හා වනජීවී ගැටලු නිරාකරණය වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. මෙම සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන දෙසීයක් වැය කිරීමට නියමිතයි.

About The Author

Leave a Reply