උදේ පාන්දරම මොනරාගල ඩිපෝවේ සුන්දර මිනිසුන් දෙදෙනෙකු හමුවීම ගැන පුදුම සතුටක් දැණුනා..
මෙවැනි සුන්දර හිත් ඇති
මිනිසුන් සිටින රටකට මෙසේ වුයේ ඇයි දැයි මම නොදනිමි..
අද (06) සා/පෙළ විභාගයේ ආරම්භක දිනය..
වෙලාව පෙරවරු 07:13 යි.. මොණරාගල රාජකීය විදුහල ඉදිරිපිටදි බසය නතර වුයේ, විභාගයට මුහුණ දීමට පැමිණි පාසල් දරුවන්ට බසයෙන් බසින්නටය..
බසයෙන් දරුවන් බසින්ට සූදානම් වත්ම සියලුම දරුවන්ට බස් රථයේ ඉදිරියට පැමිණෙන ලෙස දැනුම්දුන්නේ රියදුරු මහතා හා කොන්දොස්තර මහතායි. දරුවන් එක පෙලට ඉදිරියට එද්දී රියදුරු මහතා සිනාසී කීවේ..
“මම එන්න කිව්වේ සෙල්පියක් ගහන්න කියායි..”
මගේ අවධානය ඒ දෙසට යොමු වුයේ එවිටයි..
සියලුම දරුවන්ට යම් දෙයක් බෙදා දෙන්නට විය. මම හිඳගෙන සිටි තැනින් නැගිට ඉදිරියට ගියේ සිදුවන්නේ කුමක්ද යන්න සොයා බැලීමටයි. නෙතට කඳුලක් උනන සිදුවීමක් සිදුවනු දැකගත හැකිවිය.
වසර 11ක් තම බසයෙන්
පාසලට දරුවන් රැගෙන පැමිනී දරුවන්ට විභාගය ලිවීමට පෑන් දෙකක් හා පැන්සල බැගින් තම දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදලින් හදවතේ ගැඹුරුම තැනින් නැගෙන්නාවූ දරු සෙනෙහසින් බෙදා දෙන්නට විය..
රුපියල් ශත වෙනුවෙන් මරා ගන්නා බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් අතර සුන්දර මෙවැනි මිනිසුන් සුන්දර මොනරාගලින් අද දැකගත හැකිවිය.
මෙවැනි සුන්දර මිනිසුන් යටතේ වසර 11ක් පාසල වෙත පැමිනීමට ඒ දරුවන්ද වාසනාවන්ත වන්නට ඇති. බස් රථය මැදගම සිට මොණරාගල මහානාම විද්‍යාලය දක්වා ධාවනය වන මොණරාගල ඩිපෝවට අයත් ලංගම බස් රථයකි.
රියදුරුගේ අවසරය සහිතව මම බැස යන ස්ථානයේදී බස් රථයේ ඡායාරූපයක්ද ලබා ගැනමට හැකිවිය. මම බස් රථයෙන් බැස යන විටදී රියදුරු මහතා පැවසුවේ,
“පව් මහත්තයා, මේ දරුවො එක වසරේ ඉදලම මේ බස් එකේ තමයි ඉස්කෝලෙට ආවේ..’ යැයි පැවසුවේ තම දරුවන් පිලිබදව හිතේ ඇති ආදර දයාව මුසු කර ගනිමිනි.”
අද දවසේදී හමු වු සුන්දර මිනිසුනි….
රියදුරු දෑතට මෙන්ම කොන්දොස්තර දෑතට බුදු සරණයි !…..
සටහන/ඡායාරූප – Thushara pradeep
Special Credit – Hashini Mandhara ( Ethiliweva )