aloeVeraDrink_1244678181_770x533_1_jpg

මේ දවස් වල ඉවසගෙන ඉන්න බැරි තරමටම රස්නය නේද?

රස්නය නිසා තෙහෙට්ටුව දැනෙන්නේ අපේ බාහිර ශරීරයට විතරද?
නෑ.. අපේ ශරීරයේ අභ්‍යන්තරයටත් දැනෙනවා… හැබයි අපි ඒ ගැන වැඩිය හිතන්නේ නෑනේ…. ඒ උනාට පසුකාලීනව වෙන්න පුළුවන් බලපෑම සුලුපටු නෑ….


ඒ නිසා තමයි වෙෙද්‍යවරු කියන්නේ වැඩි පුර වතුර බොන්න කියලා..
හැබැයි ඉතින් වතුරම විතරක් බොන්නත් බෑනේ…. එහෙම කියලා කෘත්‍රිම පැණි බීම බොන්න ද? එහෙම කරොත් කතාව තවත් නරක අතට හැරෙනවා….


ඒ නිසා සසත අපි හදන්නේ පසුම්බියට බරකුත් නැති ශරීරයට අහිතත් නැති ඉතා රසවත් වගේම ගුණවත් බීමක් හදාගන්න හැටි කියන්න…
ලෙඩ රෝග රැසකට ප්‍රතිකාරයක් වන රසවත් බීමක් තමයි කෝමාරිකා ජූස් (Aloe Vera juice) කියන්නේ..

සම රැළි වැටීම වලක්වන්න වගේම රුධිරයේ සිනී පාලනය, ගෑස්ට්‍රයිටීස් මට්ටු කිරිම ත් වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් ඔෟෂධීය ශාකයක් කෝමාරිකා කියන්නේ..
කෝමාරිකා ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිබැක්ටිරීය ගුණයෙන් ද අනූනයි.

එහෙනම් දැන් බලමු කොහොමද රසවත් කෝමාරිකා පානයක් සකසා ගන්නෙ කියලා…

අවශ්‍ය දේවල් :

කෝමාරිකා පිති (අවශ්‍ය ප්‍රමාණයට)

අයිස් වතුර

මී පැණි හෝ සීනි

ලෙමන් යුෂ ස්වල්පයක්

සාදන ආකාරය :

කෝමාරිකා පිති හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

පසුව එහි දෙපස දාර පිහියකින් කපා ඉවත් කරන්න.

දැන් එය සාමාන්‍ය කොටස්වලට හරස් අතට කපන්න.

වතුර බඳුනක දමා පැය භාගයක් තබන්න.

පසුව කෝමාරිකා අවපැහැ ජලය ඉවත් කර නැවත වතුරෙන් සෝදන්න.

අනතුරුව පිහියක් ගෙන දෙපස පොත්ත ඉවත් කර මාංශය කුඩා කැබලිවලට වෙන් කරගන්න.

පසුව ඊට වතුර මේස හැඳි දෙකක් පමණ එක්කර බ්ලෙන්ඩර් කරගන්න.

ඊළඟට මේ මිශ්‍රණයට වතුර ස්වල්පයක් සහ දෙහි යුෂ ටිකක් මිශ්‍ර කර පානය සඳහා පිළියෙල කරගන්න.

අවශ්‍ය නම් පමණක් මී පැණි හෝ සීනි රස අනුව එකතු කරගත හැකියි.

ඒ වගේම සිසිල් ජලය හෝ පලතුරු යුෂ එකතු කර පානය කරන්නත් පුළුවන්..

හැදුවාට විතරක් මදිනේ.. කෝමාරිකා වල ගුණ ගැන දැනගන්නත් ඕනනේ .

උදේ නැඟිට්ට සැනින් හිස් බඩ කෝමාරිකා යුෂ පානය කරනවා නම්, එය ඔබේ බර අඩු කරනු ඇති.

ඒ වගේම ශරීර අභ්‍යන්තර විෂ ඉවත් කර ශරීර අභ්‍යන්තරය පිරිසිදු කිරීමේ හැකියාව කෝමාරිකා සතුයි.

මලබද්ධය කියන්නෙ නොසෑහෙන්න පීඩා ගෙනෙන රෝගී තත්ත්වයක් බව දන්නවා ඇතිනෙ. ඉතින් මේ මලබද්ධය වළක්වා ගන්නත් කෝමාරිකා යුෂ පානය වැදගත්. කෝමාරිකා ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වඩාත් පහසු කරනු ඇති.

ඒ වගේම ඔබට පීඩා ගෙනෙන අජීර්ණ, ආමාශයේ අපහසුතා, ගෑස් සහ බඩ පිපීම වැනි ආහාර දිරවීමේ ගැටළු මට්ටු කරන්න කෝමාරිකාවලට පුළුවන්.

මීට අමතරව රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරන්නත් ඊට හැකියි.

කතාවක් තියෙනවනෙ ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනිම නෑ කියලා නේද. ඒ නිසා කෝමාරිකා වුණත් පමණට වඩා බොන්න එපා… එහෙම උනොත් රුධිරයේ සීනි මට්ටම බොහෝ සෙයින් පහත වැටිය හැකියි.

About The Author

Leave a Reply