
විස්සයි විස්ස ලෝක කුසල් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රහයකයා ලෙස ඉන්දීය ප්‍රමුඛ කිරි නිෂ්පාදන සමාගම වන අමුල් පත් කර තිබේ.
ඉන්දියාවේ විශාලතම කිරි නිෂ්පාදක වන මෙම සමාගම සමඟ වන ගිවිසුම ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹි බව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි සිල්වා මහතා සඳහන් කළේය.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජූනි මස පළවෙනි දින සිට බටහිර ඉන්දීය කොදෙවූ හා ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතව තිබේ.