පයින් ගසා හිමි කිරුළට…
ඇය සොයා ගියේද ප්‍රේමයයි..
කිසිවෙකුට නොදෙවෙනිව හැගුමින්…
ඇය සොයා ගියේද ප්‍රේමයයි…
දරදඬු හිතක සෙනෙහස අයදිමින්…
ඇය සොයා ගියේද ප්‍රේමයයි….
මහ මෙරක් වූ යස ඉසුරු ඉවත ලා…
ඇය සොයා ගියේද ප්‍රේමයයි…
දිනන්නට කිසිත් නැති මහ පොලවක…
ඇය සොයා ගියේද ප්‍රේමයයි…
මහමඟක බිංගෙයක මරු වැළඳ ගනිද්දිද…
ඇය සොයා ගියේද ප්‍රේමයයි…
✍ ජානකී