tiran

තමන්ට අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඇතැමුන් බලපෑම් කරන්නේ යැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

මත්ද‍්‍රව්‍ය ජාවාරකරුවන් සමග සබඳතා පවත්වන පිරිස් මෙසේ බලපෑම් කරන්නේ මත්ද්‍රව්‍ය ජාල මැඩලීමට සිදුකරන මෙහෙයුම් හේතුවෙන් බවද හෙතෙම පැවසීය.

නමුත් කොතරම් බාධක පැමිණියත් පාතාලයන්ගෙන් මේ රට බේරා ගැනීමට සැලසුම් කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඊට අකමැති පුද්ගලයන් කළ හැකි සෑම දෙයක්ම සිදුකරමින් සිටින බවත් ඇමැතිවරයා කියා සිටියි.

තමන් මෑතකදී කළ ප්‍රකාශයක් හේතුවෙන් ජාවාරම්කරුවන්ට සම්බන්ධ පිරිස් තමන්ට ඇමති ධුරයෙන් ඉවත් වන ලෙස පවසන බවත් හෙතෙම තව දුරටත් පැවසුවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොටහේන ප්‍රදේශයේදී පැවැති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක සමාරම්භක අවස්ථාව අමතමිනි.

About The Author

Leave a Reply