mujibar

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහායි.

ඒ අනුව ඔහුගේ නාමය ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඊයේ (09) ප්‍රකාශයට පත් කර තිබුණා.

ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධූරය අහෝසි වුණා.

About The Author

Leave a Reply