29 වැනි ජාතික මත්පැන් මිශ්‍ර කරන්නන්ගේ තරගය (National Bartenders Competition) ආරම්භ වී ඇත. තරගාවලියේ අවසන් මහා තරගය ජුනි 16 සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.
මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ජාත්‍යන්තර ඩිස්ලරීස් සමාගම(International Disteillers LTD ) විසිනි .ජයග්රාහකයාට මුදල් ත්‍යාගයක් හා කුසලානයක් පිරිනමන අතර මෙම තරගය විනිශ්චය කරනු ලබන්නේ ප්‍රවීන මත් පැන් මිශ්‍ර කරන්නන් පිරිසක් බව සංවිධායකයෝ පවසති.
මෙම තොරතුරු අනාවරණය වූයේ ඊයේ කොළඹ හෝටල් පාසලේදී පැවැති මාධ්‍ය හමුවේදීය. මෙවැනි තරග මගින් අපගේ දේශීය කුළුබඩු වර්ග සදහා ද හොඳ වෙළෙද පොළක් බිහිවන බවද සංවිධායකයෝ පවසති.