
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන් තුන් දෙනකු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය දීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.
ඊට අමතරව උත්තර ලංකා සභාගය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනකු ජනාධිපතිවරයාට සහාය දීමට සූදානමින් සිටින බවද ඔහු සදහන් කරයි.
ජාතික පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පවසා ඇත.
ජනාධිපතිවරයා විසින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කළ වහාම ඔවුන් මෙම පියවර ගැනීමට සූදානමින් සිටින බවද හෙතෙම සඳහන් කර තිබේ.