435910385_7641250452602555_7575395384912724166_n

අද ලෝක මවුවරුන්ගේ දිනයයි….

අපි හැමෝම ආදරේ කරන්නෙ මොනවාහරි දෙයක් බලාපොරොත්තුවෙන්….

ඒක එහෙම නෙමෙයි කියල කියන්න කාටවත් බැහැ….

දෙමව්පියෝ නැතිවුණාම දරුවෝ අඩනවා…

ඒ දෙමවුපියන්ට තියෙන ආදරේටම නෙමෙයි….

දෙමවුපියන්ගේ සෙනෙහස සහ රැකවරණය අහිමි වීම ගැන දරුවන්ට බයක් තියෙනවා….

අම්මා තාත්තා නැතුව ජීවත් වෙන්නෙ කොහොමද කියන හැගීම දරුවන්ට එනවා….

දරුවෝ ගොඩක් ආදරේ කරන්නෙ දෙමවුපියන්ට නෙමෙයි දෙමවුපියන්ගෙන් තමන්ට ලැබෙන දේට….

සැමියා නැතිවුණාම බිරිඳ දුක් වෙනවා….

එතනත් ආදරේට වඩා තියෙන්නෙ බයක්…

” මම කොහොමද දැන් ඔහු නැතුව තනියම මේ දරුවෝ හදාගන්නෙ ?”

සැමියාගේ ආදායම නිවසට අහිමි වීම ගැන බිරිඳ බිය වෙනවා….

ආදරේ දී අපි හැමෝම ආත්මාර්ථකාමියි….

අපි හැමෝම ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා…

සමහර ගෑනු ළමයි කියනවා ” මම එයාගෙන් මුකුත් බලාපොරොත්තු වුණේ නැහැ. මම හෙවුවෙ ආදරේ විතරයි ” කියල….

ඒත් එතන තියෙන්නෙත් බලාපොරොත්තු වීමක්…

තරුණ තරුණියන් අතර ප්‍රේමය කියන්නෙ ආදරේ සහ අවධානය දැඩිව බලාපොරොත්තු වීමක්….

ඇත්තම කිවුවොත් මේ ලෝකෙ කාටවත් මොනවාහරි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව තව කෙනෙක්ට ආදරේ කරන්න බැහැ…

බොහෝ විට සමාජ මාධ්‍යවල මම දකිනවා සමහර ගෑනු ළමයි කියනවා ” අපිට බැරිද මුකුත්ම බලාපොරොත්තු වෙන්නෙ නැතුව අනිත් කෙනාට ආදරේ කරන්න ” කියල…

එහෙම හිතන්න අපිට පුළුවන්….ඒක ගොඩක් හොඳ සිතුවිල්ලක්….

ඒත් ඇත්ත කතාව නම් ප්‍රායෝගිකව එහෙම කරන්න අමාරුයි….

ගැහැනු පිරිමි ආදරේ දි ඒක පාර්ශවීය ප්‍රේමයට පැවැත්මක් නැහැ….

ඒ ආදරේ තාවකාලිකයි…..

**********************

ඒත් කිසිම දෙයක් පෙරළා බලාපොරොත්තු වෙන්නෙ නැතුව අපිට ආදරේ කරන දෙන්නෙක් ඉන්නවා….

ඒ තමයි අපේ අම්මා සහ තාත්තා….

අම්මා අපිට ආදරේ කරන්නෙ අපෙන් ආපහු මුකුත්ම බලාපොරොත්තු වෙන්නෙ නැතුව….

අම්මට අපි ආදරේ කළත් එකයි නැතත් එකයි…

අම්මා අපිට ආදරෙයි….

ඒ ආදරේ තාවකාලික ආදරයක් නෙමෙයි….

ඒක සදාකාලික ආදරයක්….

අපෙන් පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී අපට ආදරේ කළ හැකි කෙනෙක් මේ මිහිපිට ඉන්නවා නම් ඒ අම්මා ම පමණයි….

ඒ ආදරේ උත්තරීතරයි….ඒ ආදරේ අසමසමයි…

හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන

නින්දේ සිහින දකින්නේ

මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්

දරු සෙනෙහසින් මිදෙන්නේ

Yashodha Sammani Perera

About The Author

Leave a Reply