එක් දිනක් මා කොලඹ කොටුවෙන් දුම් රියකට ගොඩ වුනේ අනුරාධපුර යාමේ අදහසින්..වෙසක් සමය නිමාවෙමින් තිබු නිසාදෝ දුම්රිය මගීන් ගෙන් තරමක් තොරවී තිබුනා…අසුනක හිඳගත් මා ජංගම දුරකතනය දෙසට අවධානය යොමු කළා..
මගේ අවධානය බිදී ගියේ කවුරුන් හෝ ඉදිරි අසුන වාඩි වීමට තෑත් කිරිමත් සමඟයි.කුණු වැකුණු සරමක් හා අත් කොට ෂර්ටයකින් සැරසී හිටියේ අවුරුදු හැටක පමණ පුද්ගලයෙක්...කලු රෙදි කැබැල්ලකින් ජටාවක් ගැට ගසා සිටි හෙතෙම මා දෙස නොබලාම ඔහුගේ අපිරිසිදු ගමන් බෑගය ඔහුගේ කකුල් අතර තබාගත්තේ මාගේ නිදහසද සීමා කරමින්...
බෑග් එක උඩින් දැම්මා නම් දෙන්නටම පහසුයි නේද??
මා ඔහුගෙන් ඇසුවේ කාරුණිකව..
ම්ම්..මහත්තයාට නම් ඉන් පහසුවක් වේවි.මට නම් මානසික වදයක් වෙයි…ඕක ඔහොම්ම තිබ්බා වේ..
මහත්තයා කොහෙට යන්නද??
අනුරාධපුර ට
මං පොල්ගහවෙල බහිනවා මහත්මයා..පැයක් හමාරක් මගේ මේ කරදරේ ඉවසගෙන ඉන්න පුලුවන් නම් වටිනවා ..
ආ..නෑ ඒක අවුලක් නෑ…
මේ මහත්තයාගේ රස්සාව මොකක්ද??
ඇයි අහන්නේ…
නෑ…ගමන ටිකක් දිග ඒකේ අපි අතර කතා බහක් ඇති වුනොත් ගමනේ දුර අපිට ඒතරම් දැනෙන එකක් නෑ…
මගේ මුහුණට යම් සිනාවක් නැඟෙන්නට ඇත…
මං ආමි එකේ..
ඉදිරියට නැවී තිබු ඔහුගේ කොන්ද කෙලින් කල ඔහු
ආ…වැදගත් රස්සාවක් ….ඊටත් වඩා හොඳ සේවයක්…
හ්ම්ම්ම්….
එතකොට මාමා මොකද කරන්නේ??
මං රස්සාවක් කළා...දැන් නම් ඉතින් මගේම වැඩ කරගෙන ඉන්නවා..
ඒක තව පැහැදිලි කරන්න පුලුවන්ද ?
මේ ලොකේ හරි පුදුමාකාරයි මහත්තයා...අපේ ජීවිතත් එහෙමයි..අද එක තැනක..හෙට තව තැනක...මහත්මයා වගේ මාත් මාසෙට පඩියක් ගන්න රස්සාව කළා..අවුරුද්ද ක් දෙකක් යද්දී මට ඒක එපා වුනා...මං මගේ ම දෙයක් කරන්න හිතුනා.
කොලඹ කියන්නේ මිනිහෙක්ට දියුණු වෙන්න හොඳ තැනක්...දැනට අවුරුදු 26 කට කලින් ඒ රස්සාවට ආයුබෝවන් කියලා මේ ගෙන්දගම් පොලොවට ඇවිත් හිඟාකන්න පටන් ගත්තා...
එසේ කී ඔහු සිනාසෙන්නට විය..
මගේ ගෑණි විතරයි මේක දන්නේ..දරුවෝ හිතන් ඉන්නේ මං කොලඹ කොම්පැණියක වැඩ කරනවා කියලා.. රස්සාවක් කරලා මාසෙට ගත්තු පඩිය වගේ තුන් ගුණයක් මේ රස්සාවෙන් මං හෙව්වා මහත්තයෝ....
මා පුදුමයෙන් මෙන් ඔහුගේ කතාව අසා සිටින්නට විය..
පෙරහැර කාලේට නුවර යනවා..කතරගම යනවා..කොහේ හරි රටේ ලොකු උත්සවයක් තියෙනවානම් ඒ ටවුමට ගිහින් හිගාකෑවා…
දැන් මේ කොහේද යන්නේ??
මහත්තයාට ඒක දැනගන්න ම ඕනීද??
ඔව්..
එහෙනම් පොඩ්ඩක් ඉන්න..
කී ඔහු ගමන් මල්ලෙන් බෑගයක් ගෙන මැදිරිය දිගේ ඇවිද ගොස් අතුරුදහන් විය..
ඔහුගේ ගමන් මල්ල ඇඳ බැලීමට සිත් වූවත් එය නුසුදුසු ක්‍රියාවක් නිසා මා ජනේලයෙන් ඉවත බලාගත්තෙමි…
ටික වේලාවකින් හොඳින් හැඳ පැලදගත් මහත්මයකු පැමිණ
මිස්ට…කැන් අයි සිට් හියර්??
මෙතැන එක්කෙනෙක් ඉන්නවා..
මාගේ වචනය නොතෑකු ඔහු අසුනේ වාඩි වුනේ සිනාසෙමින් ය..
මහත්තයෝ …මේ මම..
ඇස් අදහාගත නොහැකි වූ මම තුෂ්ණිම්භූත ව ඔහු දෙස බලාසිටින්නට ඇත…
ආයේ මං මේ රස්සාව කරන්නේ නෑ මල්ලී..ලබන සතියේ මගේ ලොකු දූ මැරි කරනවා...එයාගේ දෑවැද්දට දෙන සල්ලි තමයි බෑග් එකේ තියෙන්නේ...
ඔහූ බෑගය විවර කර පෙන්වීය..
දෙදහසේ හා දහසේ නෝට්ටු මිටි කිහිපයක්ම එහි තුල වීය..
මහත්තයාගේ ඇස් බොහොම අවංකයි..හොඳ මිනිහෙක් බව මට තේරුණා..දවසක මේ වෙස් පෙරලිය කාට හරිම කියන්නත් මගේ හිතේ තිබුණා.. මං බහින තැනත් ලං වුනා මහත්තයා..
දොර දෙසට ඇවිද ගිය ඔහු නැවතත් මා දෙසට ඇවිද එන්නට විය..
" මල්ලී ඔයා මේ කෝච්චියට නඟින්න පැය කාලකට විතර උඩදී ගුවන් පාලම ලඟ හිටපු හිඟන්නෙකුට රුපියල් විස්සක් දුන්නා නේද??
ඔව්…අන්ධ මිනිහෙකුට..
සාක්කුවෙන් රුපියල් විස්සක් ගත් ඔහු
ආ…මෙන්න ඒ රුපියල් විස්ස…
සිහිනෙන් මෙන් මා රුපියල් විස්ස සාක්කුවේ ඔබාගනු යන්තම් මතකය…
copied