හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්ව් ශෙන් හොන්ග් මහතා සහ එම මැතිනිය ඓතිහාසික මුල්කිරිගල රාජමහා විහාරය වැඳ පුදා ගැනීමට පැමිණියහ.
චීන බෞද්ධ විහාරස්ථාන සහ බෞද්ධ ජනතාව පරිත්‍යාග කළ වියළි සලාක මලු අවශ්‍යතා සහිත පවුල් 500ක් සඳහා බෙදා දීම ද එහි දී සිදුවිය. මෙම අවස්ථාවට චමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන මහත්වරු ඇතුළු පිරිසක් ද එකතු වූහ.