maxresdefault (12)

පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින් තිබේ.

එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 18 හෝ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බවයි.

එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මෙතෙක් සාකච්ඡාවක් සිදුව නොමැති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසන අතර පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර නැත .

පාර්ලිමේන්තුව ඉදිරි සතියේ රැස්වීමට අදාළ න්‍යාය පත්‍රය මේ වනවිට සකස් කර තිබෙන අතර ලබන 22 හදිසි පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply